රජයේ ජාතික ජාතික ප්‍රතිපත්තියක් අනුව රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සැපයීමට ගොහාගොඩ කසළ බැහැරලීෙමි අංගනය, යොදවා ගැනීමට ඇති හැකියාව නිරීක්ෂණය කිරීම සදහා පසුගිය දා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මැතිතුමන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

දැනට මහනුවර මහා නගර සභාව විසින් දිනකට දිරන කසළ ටොන් 20 ක් ප්‍රතිචක්‍රීයකරණයකොට කොම්පෝස්ට් පොහොර ටොන් 1 , 1$2 ක් නිශ්පාදනය කරනු ලබයි. මහනගර සභා අරමුදල් යොදවා එම කොම්පෝස්ට් අංගණය දෙගුණයකින් පුළුල් කිරීමට යෝජිත අතර ඒ අනුව ඉදිරියේදී ටොන් 40 ක දිරන අපද්‍රව්‍ය යොදවා ටොන් 3 ක කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට යන්ත්‍රසූත්‍ර මගින් කසළ වර්ගීකරණය කිරීම සඳහා ගොඩනැගිළි ඉදිකිරීමට ෙමිවන විට ටෙන්ඩර් කැඳවා ඇති අතර සභා අරමුදල් ඒ සදහා යෙදවීමට නියමිතය.

මහනුවර මහා නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තෙමින්තුව මගින් අක්කර 4 ක ආදර්ශ ගොවිපොලක් පවත්වාගෙන යනු ලබන අතර එම භූමියේද කොම්පෝස්ට් පොහොර හා ජීවවායු පද්ධතියක් මේ වනවිට සැකසෙමින් පවතී. ඒ සඳහා යොදා ගැනීමට නියමිත දිරාපත්වන කසළ ප්‍රමාණය ටොන් 10 කි. එමගින් නිශ්පාදනය කිරීමට බලාපොරොත්තුවන කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 750 ක් පමණ වන අතර දියර පොහොර ප්‍රමාණය ලීටර් 1000 කි.

මෙම ගොවිපොල සඳහා කාබනික පොහොර හා දියර පොහොර දෙවර්ගයම යොදා ගන්නා අතර පළිබෝධ නාශක සඳහා රසායනික නොවන ස්වභාවික ශාඛ දියර යොදා ගන්නා ආකාරය ගරු ආණ්ඩුකාරතුමාගේ විශේෂ අවධානයට හා පැසසුමට ලක්වූ අතර මෙම වැඩ පිළිවෙල ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකමිතුමිය වෙත ගරු ආණ්ඩුකාරතුමන් විසින් උපදෙස් ලබාදීමද එහිදී සිදුකෙරිණි.

මෙම වර්ෂයතුල කොම්පෝස්ට් බෑග් කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර සවිකිරීමට ටෙන්ඩර් කැඳවා ඇති අතර , සභා අරමුදල් යොදවා මේ සදහා යෙදවීමට නියමිතය. දෛනිකව ටොන් 50 ක කොම්පෝස්ට් පොහොර නිශ්පාදනය කලහැකි — කගොෂිමා ˜ යන්ත්‍රයක් පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට ෙමිවන විටත් විශයභාර ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක්කර ඇති අතර එමගින්  ජාතික පොහොර අවශ්‍යතාවයට වැඩි දායකත්වයක් ලබාදීමට අපේක්ෂිතය.

මහනුවර ගරු නගරාධිපති කේසර ඩී. සේනානායක, නියෝජ්‍ය නගරාධිපති ටී.එම්.ඉලාහි ආබ්දීන් , විපක්ෂ නායක සේන දිසානායක යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් සහ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජ රත්න , ආණ්ඩුකාර ලේකමි ඇන්ටන් තිලකරත්න , මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් , කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් සුජාතා විජේසිංහ , සහකාර පළාත් පාලන කොමසාරිස් නිලුකා බුලත්ගේ , පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ චච්.එම්.ආර් බණ්ඩාර සහ මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න සහ ඝණ අපද්‍රව්‍ය අංශ ප්‍රධානී නාගරික යාන්ත්‍රික ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක යන මහත්ම මහත්මීන් සමග රාජ්‍ය නිලධාරි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *