KMC

මහනුවර නාගරික කොමසාරිස්තුමාගේ පණිවුඩය

ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය කන්ද උඩරට මහනුවරයි . ශ්‍රී දළදා මාළිගාව හා සතර මහා දේවාල ඇතුළු අස්ගිරි මල්වතු විහාරාරාම ආශ්‍රිතව චිරාත් කාලයක් මුළුල්ලේ අඛංණ්ඩව පවත්වාගෙන එනු ලබන පුද සිරිත් හා සංස්කෘතිකාංග හේතුවෙන් , 1988 වසරේ සජීවී ලෝක උරුම නගරයක් ලෙස මහනුවර නම් කරන ලදි.

තෙදිසාවකින් මහාවැළි ගංඟාවෙන් වටවී ඇති මහනුවර, භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 28 .5 කි. නේවාසික ජනගහනය 150.000 ක් පමණ වේ. විවිධ අවශ්‍යතා මත නගරයට සංක්‍රමණය වන ජනකාය ලක්ෂ 5  ත් 6 ත් අතරවන බව සංගණනය කොට ඇත . දිවයින මධ්‍යයේ පිහිටි ආර්ථීක , අධ්‍යාපනික , සංස්කෘතික , සෞඛ්‍ය හා ප්‍රවාහන ආදියේ මර්මස්ථානයක් ලෙසින් අතිශය සංකීර්ණ භූමිකාවක නියැලෙන මහනුවර නගරයේ, ප්‍රධාන ප්‍රාදේශීය පරිපාලන ආයතනය මහනුවර මහා නගර සභාවයි.

උපතේ සිට මරණය දක්වාත් ඉන් ඔඛ්බටත් ජනතාවට අවශ්‍ය සේවා හා පහසුකම් රාශියක් ඉටුකිරීමේ වගකීම 1865 අංක 17 දරණ මහා නගර සභා ආඥාපනතින් මහනුවර මහා නගර සභාවට පැවරී ඇත. පුරා වසර 155 ක අභිමානනීය ඉතිහාසය තුල පවත්වාගෙන ආ සේවාවන් , අද වන විට සමාජ ප්‍රවණතාමත තාක්ෂණය හා මුසුව වෙනත්ම දිශානතියකට යොමුවීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත.

සංස්කෘතිකමය අගයන් ආරක්ෂා කරමින් ජීවත්වීමට වඩාත් සුදුසු , සියළු පහසුකම් වලින් යුත් සංවර්ධනීය නගරයක් ලෙස මහනුවර ගොඩනැංවීමේදී , නවීණ තාක්ෂණික ක්‍රමවේදයන් ඇසුරින් , මහජන ඔඛේ අපේක්ෂාවන් වඩාත් කඩිනමින් නිවැරදිව හා අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඉටුකිරීමට මහා නගර සභා අඥාපනත හා අනෙකුත් අණ පනත් මගින් පැවරී ඇති බලතල උපරිමයෙන් භාවිතා කරමින් කටයුතු කරන බවට විශ්වාසයෙන් යුතුව ප්‍රකාශකර සිටින අතර එම ඉලක්ක ජය ගැනීමට මහජන ඔඛේ සහයෝගය නිරන්තරයෙන් අපේක්ෂා කරමි.

ඔබට දළදා සමිඳු පිහිටයි.

අමිල නවරත්න

නාගරික කොමසාරිස් 

මහනුවර මහා නගර සභාව