KMC

මහනුවර ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමාගේ පණිවුඩය.

උරුමයන් පෝෂණය කරමින් යහපාලනයෙන් පෙරට යන ආකර්ශනීය නගරයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිකර ගනිමින්, සභාව සතු භෞතික , මූල්‍ය හා මානව සම්පත මනාව උපයෝගී කොට ගනිමින් හා කළමනාකරණයකර ගනිමින් විශිෂ්ඨ සේවාවක් නාගරිකයේ මෙන්ම නගරයට සංක්‍රමණය වන ජනතාව උදෙසාද ලබා දෙන්නා වූ මහනුවර මහා නගර සභාව විසින් තමන් ලබා දෙන්නා වූ සේවාවන් කවරේද? යන්නත් එම සේවාවන් ලබාදෙන ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම උදෙසාත් පුවත් පතක් එළිදැක්වීමට කටයුතු කිරීම ඉතාම කාලෝචිතවේ.

ශී්‍ර ලංකාවේ පිහිටුවන ලද දෙවන නගර සභාව ලෙස වසර 150 ක අඛංණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර මහා නගර සභාව, එදා මෙදාතුර ලබා දුන්නාවූ හා ලබා දෙමින් පවතින සේවාවන් පිළබඳව ඇතැම්විට මහජනතාවට ඇත්තේ සුළු අවබෝධයකි .නමුත් මහනුවර මහා නගර සභාව විසින් ලබා දෙන සේවාවන් ප්‍රමාණය අතිවිශාලය.

මහනුවර නගරයේ හදවත වන්නේ මහනුවර මහා නගර සභාවයි .ජීවමාන ලෝක උරුම නගරයක් ලෙස, මහනුවර නගරයට ලැබී ඇති ජාත්‍යන්තර පිළිගැනීමත් , සංස්කෘතික හා පාරිසරික සෞන්දර්්‍යත්වය හේතුවෙන් උරුම වී ඇති වටිනාකම් රැසත්, මහනුවර නගරයට ලැබී ඇති දෙස්විදෙස් සංචාරක ආකර්ශණයත් ඉතා ඉහළය. ශී්‍ර දළදා මාළිගාව , සිව් මහා දේවාල , පුල්ලෙයාර් කෝවිල , මීරාමක්කම් පල්ලිය , ශාන්ත අන්තෝනි දේවස්ථානය  ප්‍රමුඛ කොටගත් ජාතික හා ආගමික , සංහිඳියාවෙන් යුත් මහනුවර පුරවරය ගමනා ගමන , ආර්ථීක මෙන්ම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ද වීමමත දිනෙන් දින සංකීර්ණ නගරයක් බවට පත්වෙමින් ඇත. 

ශී්‍ර ලංකාවේ දෙවන අගනගරය ලෙස, කොට්ඨාෂ 22 ක් සහ ග්‍රාම නිලධාරී වසම් 45 කින් ද 150,000 ක නාගරික ජනතාවකගෙන්ද , සමන්විත මහනුවර පුරවරයට දෛනිකව 600,000 ක පමණ ජනතාවක් සංක්‍රමණය වේ. මහනුවර මහා නගර සභාවට බදුගෙවන ජනතාවට මෙන්ම සංක්‍රමණික ජනතාවගේ සුඛවිහරණයටද මහනුවර මහා නගර සභාව මගින් විශාල සේවාවක් සපයයි.

මහනුවර මහා නගර සභාව මගින් ලබා දෙන්නාවූ එම සේවාවන් හා කාර්යභාරය පිළිබඳව, මහජනතාව දැනුවත් කිරීමට හා මහජනතාවගේ අදහස් ලබා ගැනීමට, මෙම පුවත් පත පලකිරීම මගින් හැකිවන බවට මා විශ්වාස කරමි. එබැවින් මෙවැනි පුවත්පතක් පලකිරීම පිළිබඳව මාගේ සුභ පැතුම් පලකර සිටින අතරම එමගින් කාර්යක්ෂම හා වඩාත් ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබාදීමට හැකිවේයැයි අපේක්ෂා කරමි.

 

   ටී.එම්.ඉලාහි ආබ්දීන්

   මහනුවර නියෝජ්‍ය නගරාධිපති