KMC

මහනුවර ගරු විපක්ෂනායකතුමාගේ පණිවුඩය

තෙදිසාවකින් මහාවැළි ගංඟාවෙන් වටවී ඇති මහනුවර, භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 28 .5 කි. නේවාසික ජනගහනය 150.000 ක් පමණ වේ. විවිධ අවශ්‍යතා මත නගරයට සංක්‍රමණය වන ජනකාය ලක්ෂ 5  ත් 6 ත් අතර වන බව සංගණනය කොට ඇත . දිවයින මධ්‍යයේ පිහිටි ආර්ථීක , අධ්‍යාපනික , සංස්කෘතික , සෞඛ්‍ය හා ප්‍රවාහන ආදියේ කේන්ද්‍රස්ථානයක් ලෙසින් අතිශය සංකීර්ණ භූමිකාවක නියැලෙන මහනුවර නගරයේ, ප්‍රධාන ප්‍රාදේශීය පරිපාලන ආයතනය මහනුවර මහා නගර සභාවයි.

උපතේ සිට මරණය දක්වාත් ඉන් ඔඛ්බටත් ජනතාවට අවශ්‍ය සේවා හා පහසුකම් රාශියක් ඉටුකිරීමේ වගකීම 1865 අංක 17 දරණ මහා නගර සභා ආඥාපනතින් මහනුවර මහා නගර සභාවට පැවරී ඇත. පුරා වසර 155 ක අභිමාණනීය ඉතිහාසය තුල පවත්වාගෙන ආ සේවාවන් , අද වන විට සමාජ ප්‍රවණතාමත තාක්ෂණය හා මුසුව වෙනත්ම දිශානතියකට යොමුවීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත.

සංස්කෘතිකමය අගයන් ආරක්ෂා කරමින් ජීවත්වීමට වඩාත් සුදුසු , සියළු පහසුකම් වලින් යුත් සංවර්ධනීය නගරයක් ලෙස මහනුවර ගොඩනැංවීමේදී , මහජන ඔඛේ අපේක්ෂාවන් වඩාත් කඩිනමින් නිවැරදිව හා අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඉටුකිරීමට , දෙපාර්ශවය අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස විශාල දායකත්වයක් දැරීමට —සංදේශය ˜ පුවත්පතට හැකියාව ලැබේ යැයි මා පුද්ගලිකව විශ්වාස කරන අතර ඒ සඳහා සුබ ප්‍රාර්ථනා කරමි.

ඔබට දළදා සමිඳු පිහිටයි…