Key Points Summary
- • Court Bookings: Can be made up to 07 days from the date of system access.
- • Full Venue Booking: Must be booked at least 14 days in advance. A refundable security deposit is required. Available for full day or half day.
- • Gym Membership: Annual or 6-month membership packages are available. Registration fee is Rs.500.
- • Payment: Full payment (including security deposit where applicable) must be paid at the time of booking. For offline payments, fees should be paid to the Shroff section of the Kandy Municipal Council.
- • Cancellation: Payments are refundable if cancelled at least 03 days prior to the booked date.
- • Safety: Appropriate indoor sports footwear is mandatory. The management is not responsible for injuries sustained during sports activities.
- • Opening Hours: The stadium and gym are open daily from 6:00 AM to 10:00 PM. Closed on Poya days.
1. General Booking Conditions
Hourly Bookings: Bookings can be made up to 07 days from the date of system access. Full payment is required to complete the booking. Users must vacate the court within the booked time slot. An additional charge of Rs.500 will be levied for every 5 minutes exceeded beyond the booked time. Each court has a maximum player limit which must not be exceeded. (Badminton - Max 10 players / Table Tennis - Max 04 players).
Full Venue (Full Day): Must be booked at least 14 days in advance. Duration is 12 hours (8:00 AM to 8:00 PM). Security deposit is Rs.30,000. An additional fee of Rs.6,000 will be charged for every hour exceeded beyond the booked period.
Full Venue (Half Day): Must be booked at least 14 days in advance. Duration is 06 hours (8:00 AM to 2:00 PM or 2:00 PM to 8:00 PM). Security deposit is Rs.30,000. An additional fee of Rs.6,000 will be charged for every hour exceeded beyond the booked period.
2. Payments & Cancellations
Full payment is mandatory for booking confirmation. Online bookings are only complete upon confirmation of a "Successful Payment." Refund of booking fees is only available if cancelled at least 72 hours (3 days) before the booked date; no refunds will be issued for cancellations made after this period. For offline payments, users must first obtain a receipt from the Indoor Stadium office and present it to the Kandy Municipal Council Shroff section to make the payment.
3. Gym Membership
Registration: A one-time membership fee of Rs.500 is charged for first-time users.
- Monthly Membership (with treadmill) = Rs.3,000
- Monthly Membership (without treadmill) = Rs.2,500
- Annual Membership = Rs.32,000.00
- Six-Month Membership = Rs.17,000.00
- Daily Booking (for 3 hours including treadmill) = Rs.500
Opening Hours: Open daily from 6:00 AM to 10:00 PM. Closed on Poya days. Services of an experienced fitness instructor are available.
4. General Rules
- Suitable sports attire and non-marking indoor sports shoes are mandatory.
- Consumption of food and beverages inside the stadium is prohibited.
- Gym equipment must be wiped down and returned after use.
- Smoking and alcohol consumption are strictly prohibited within the premises.
- Instructions given by the staff must be followed.
- Any damage caused to the stadium or equipment will be assessed and charged for.
- The Municipal Commissioner reserves the full authority to change or cancel any booking at short notice.
5. Health & Safety
Users are responsible for their own physical health and safety. The management shall not be held liable for any accidents or injuries occurring during the use of the stadium. Individuals with pre-existing health issues should seek medical advice before using the facilities.
6. Liability
Management liability is limited solely to the booking fees collected. The management is not responsible for any accidents to users, or for the loss, damage, or theft of personal belongings and property within the premises.
Harshika Weeraratne – Asst. Municipal Commissioner – 077-2613047 |
S.P.G. Vithanage – Chief Playground Instructor – 077-7075767
departmentplaygrounds@gmail.com | 081 2202772
ප්‍රධාන කරුණු සාරාංශය
- • ක්‍රීඩා පිටි වෙන් කිරීම: පද්ධතියට ප්රවේශවන දින සිට දින 07 ක් දක්වා වෙන් කිරීම් සිදුකළ හැක.
- • සම්පූර්ණ ක්‍රීඩාගාරය වෙන් කිරීම: අවශ්‍ය දිනට අවම දින 14කට පෙර වෙන් කිරීම් සිදු කළ යුතුය. ආරක්ෂිත ඇප තැන්පතුවක් (ආපසු ගෙවනු ලබන) තැන්පත් කළ යුතුය. සම්පූරණ ක්රීඩාගරය දිනක් හෝ දින 1/2 සඳහා වෙන් කර ගත හැක.
- • කායවර්ධන මධ්‍යස්ථාන (GYM) සාමාජිකත්වය: වාර්ෂික හෝ සය මාසික වශයෙන් සාමාජිකත්ව පැකේජ් ලබා ගත හැක. ලියාපදිංචි ගාස්තුව රු.500 කි.
- • ගෙවීම: සම්පූර්ණ ගාස්තුව (ආරක්ෂිත ඇප තැන්පතුව අදාලවන අවස්ථාවන්හී දි එය ද ඇතුළත්ව) වෙන් කිරීම් සිදුකරන අවස්ථාවේදීම ගෙවිය යුතුය. මාර්ගගත ක්‍රමවේදයෙන් බැහැරව ගාස්තු ගෙවන අවස්ථාවන්හීදි මහනුවර මහා නගර සභාවේ සරප් අංශයට අදාළ ගෙවීම් සිදුකළ යුතුය.
- • වෙන් කිරීම් අවලංගු කිරීම: වෙන් කළ දිනට අවම දින 03 කට ප්‍රථම අවලංගු කිරීම් සිදු කරන්නේ නම් ගෙවන ලද මුදල ආපසු ලබා ගත හැක
- • ක්‍රීඩාගාරයේ හා භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව: ගෘහස්ථ ක්‍රීඩා සඳහා සුදුසු පාවහන් පැලඳීම අත්‍යාවශ්‍ය වේ. ක්‍රීඩා කටයුතු අතරතුර සිදුවිය හැකි අබාධයන් සම්බන්ධව ක්රීඩාගාර කළමණාකාරීත්වය වග කියනු නොලැබේ.
- • විවෘතව තැබෙන වේලාවන්: ක්‍රීඩාගාරය හා කාය වර්ධන මධ්‍යස්ථානය සෑම දිනකම පෙ.ව.6.00 සිට රාත්‍රී 10.00 වන තෙක් විවෘතව පවතී. පෝය දිනයන්හි ක්‍රීඩාගාරය වසා තැබෙනු ලැබේ.
1. වෙන් කිරීම් සිදු කිරීමේ පොදු කොන්දේසි
පැය කීපයක් සඳහා වන වෙන් කිරීම්: මාර්ගගත පද්ධතියට ප්රවේශවන දින සිට දින 07ක් දක්වා වන වෙන් කිරීම් සිදු කළ හැක. වෙන් කිරීම් සම්පූර්ණ වීම සඳහා අදාළ මුළු ගාස්තුව ගෙවීම සිදු කළ යුතුය. ක්‍රීඩා පිටි වෙන් කොට භාවිතා කිරීමෙන් අනතුරුව වෙන් කළ වේලාව තුළදීම ක්‍රීඩා පිටියෙන් ඉවත් විය යුතුය. වෙන් කළ වේලාව ඉක්මවා ක්‍රීඩා පිටිය භාවිතා කරන සෑම මිනිත්තු 5ක් සඳහාම රු.500ක අමතර ගාස්තුවක් අයකරනු ලැබේ. සෑම ක්‍රීඩා පිටියක්ම භාවිතා කළ යුතු උපරිම ක්‍රීඩක සීමාවක් පවතින අතර එය ඉක්මවා ක්‍රීඩකයින් ක්‍රීඩාපිටි සඳහා යෙදවීම සිදු නොකළ යුතුය. (බැඩ්මින්ටන් - උපරිම ක්‍රීඩකයින් සංඛ්‍යාව 10 යි./ මේසපන්දු - උපරිම ක්‍රීඩකයින් සංඛ්‍යාව 04 යි)
සම්පූර්ණ ක්‍රීඩාගාරය එක් දිනක් සඳහා වෙන් කර ගැනීම: අවශ්‍ය දිනට අවම දින 14කට ප්‍රථම වෙන් කරවා ගැනීම සිදුකළ යුතුය. එක්දිනක කාලසීමාව පැය 12කි. (පෙ.ව.8.00 සිට ප.ව. 8.00 දක්වා) ආරක්ෂිත තැන්පතුව රු. 30,000කි වෙන් කරගනු ලබන කාලසීමාව ඉක්මවා ලබා ගනු ලබන සෑම පැයක කාලසීමාවක් සඳහාම රු.6,000 බැගින් අමතර ගාස්තුවක් අය කරනු ලැබේ.
සම්පූර්ණ ක්‍රීඩාගාරය දින ½ක කාල සීමාවක් සඳහා වෙන් කර ගැනීම : අවශ්‍ය දිනට අවම දින 14කට ප්‍රථම වෙන් කරවා ගැනීම සිදුකළ යුතුය. දින ½ක කාලසීමාව පැය 06කි. (පෙ.ව.8.00 සිට ප.ව. 2.00 දක්වා හෝ ප.ව.2.00 සිට ප.ව.8.00 දක්වා) ආරක්ෂිත ඇප තැන්පතුව රු.30,000 කි. වෙන් කර ගනු ලබන කාලසීමාව ඉක්මවා ලබාගනු ලබන සෑම පැයක කාලසීමාවක් සඳහාම රු.6,000 බැගින් අමතර ගාස්තුවක් අය කරනු ලැබේ.
2. ගාස්තු ගෙවීම් හා වෙන් කිරීම් අවලංගු කිරීම්
වෙන්කරවා ගැනීම තහවුරු වීම සඳහා සම්පූර්ණ ගාස්තුව ගෙවීම අත්‍යවශ්‍ය වේ. මාර්ගගත පද්ධතිය ඔස්සේ වෙන්කිරීම් සිදුකරන විට සාර්ථක ගාස්තු ගෙවීමක් ( Successful Payment) සිදුවූ බවට තහවුරු වීම මත පමණක් වෙන් කිරීම සම්පූර්ණ වේ. වෙන් කිරීම් අවලංගු කිරීම සඳහා වෙන් කර ගනු ලබූ දිනට අවම පැය 72 කට (දින 3) ප්‍රථම අදාළ අවලංගු කිරීම සිදුකරන විට පමණක් වෙන් කිරීම් ගාස්තුව නැවත ලබාගත හැකි අතර දින 03කට පසු සිදු කරන අවලංගු කිරීම සඳහා අය කරන ලද ගාස්තු නැවත ගෙවීමක් සිදු නොකෙරේ. මාර්ගගත ක්‍රමවේදයෙන් බැහැරව ගෙවීම් සිදු කරන්නේ නම් ප්‍රථමයෙන් ගෘහස්ථ ක්‍රීඩාංගණ කාර්යාලය වෙතින් ලබා ගන්නා රිසිට් පත මහනුවර මහ නගර සභා සරප් අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සරප් කවුන්ටරය වෙත අදාළ මුදල් ගෙවීම සිදු කළ හැක.
3. කායවර්ධන මධ්‍යස්ථාන සාමාජිකත්වය
ලියාපදිංචිය: කායවර්ධන මධ්‍යස්ථානය ප්‍රථම වරට භාවිතා කරන්නන්ගෙන් රුපියල් 500ක එක් වරක් පමණක් අය කරන සාමාජික ගාස්තුවක් අය කරනු ලැබේ.
- මාසික සාමාජිකත්වය ( treadmill පහසුකම සහිතව) = රු.3,000
- මාසික සාමාජිකත්වය ( treadmill පහසුකම රහිතව) = රු.2,500
- වාර්ෂික සාමාජිකත්වය = රු.32000.00
- සය මාසික සාමාජිකත්වය = රු. 17000.00
- දෛනික වෙන් කරවා ගැනීම් (පැය 03ක කාලයක් සඳහා treadmill පහසුකම සහිතව) -= රු.500
විවෘතව තැබෙන වේලාවන් : පෙ.ව.6.00 සිට ප.ව.10.00 දක්වා දෛනිකව විවෘත කර තබනු ලැබේ.පෝය දිනයන්හි වසා තබනු ලැබේ. පලපුරුදු කායවර්ධන උපදේශකයෙකුගේ සේවාවද ලබා දෙනු ලැබේ.
4. පොදු නීතිරීති
- ක්‍රීඩාවට ගැලපෙන ඇඟලුම් හා ක්රීඩාගාර බිම හානි නොවන සපත්තු පැළඳීම අනිවාර්ය වේ.
- ක්‍රීඩාගාරය තුළ ආහාරපාන ගැනීම සිදු නොකළ යුතුය.
- කායවර්ධන උපකරණ භාවිතයෙන් පසු පිසදා නැවත භාරදිය යුතුය.
- ක්රීඩාගාර පරිශ්‍රය තුළ දුම්බීම හා මත්පැන් පානය සිදු නොකළ යුතුය.
- කාර්යමණ්ඩලය විසින් ලබාදෙනු ලබන උපදෙස් පිළිපැදිය යුතුවේ.
- ක්‍රීඩාගාරයට හෝ එහි උපකරණ සඳහා යම් හානියක් සිදුවුවහොත් ඒ සඳහා වෙන මුදලක් ගණනය කර අය කරනු ලැබේ.
- කෙටි දැනුම්දීමක් මත සියලු වෙන්කරවා ගැනීම් වෙනස් කිරීම හෝ අවලංගු කිරීමේ සම්පූර්ණ බලය නාගරික කොමසාරිස් සතු වේ.
5. සෞඛ්යාරක්ෂිතභාවය
ක්‍රීඩාගාරය භාවිතා කරන්නන්ගේ ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ වගකීම ඔවුන් සතුවේ. ක්රීඩාගාර කළමනාකාරිත්වය ක්‍රීඩාගාරය භාවිතා කරන අවස්ථාවන්හිදී සිදුවිය හැකි අනතුරු හා ආබාධ සඳහා කිසිලෙසකින් වගකියනු නොලැබේ. යම් සෞඛ්‍යමය ගැටලු සහිත අයවළුන් ක්‍රීඩාගාරය භාවිතා කිරීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුවේ.
6. වගකීම
වෙන්කරවා ගැනීම් සඳහා අය කරනු ලබන ගාස්තුව සඳහා පමණක් කළමනාකාරීත්වයේ වගකීම සීමා වන අතර ඊට අමතර භාවිතා කරන්නන්ට සිදුවිය හැකි අනතුරු, ඔවුන්ගේ සන්තකයේ පවතින ද්‍රව්‍යවලට සිදුවිය හැකි හානි / නැතිවීම් හෝ සොරකම් කිරීම් හෝ වෙනත් අපහසුතා සම්බන්ධව කළමනාකාරිත්වය වගකියනු නොලැබේ.
හර්ෂිකා වීරරත්න – සහකාර නාගරික කොමසාරිස් – 077-2613047 |
S.P.G. විතානගේ – ප්‍රධාන ක්‍රීඩාභූමි පරිපාලක – 077-7075767
departmentplaygrounds@gmail.com | 081 2202772
முக்கிய புள்ளிகள் சுருக்கம்
- • விளையாட்டு மைதான முன்பதிவு: முறைமைக்குள் (System) பிரவேசிக்கும் தினத்திலிருந்து 07 நாட்கள் வரை முன்பதிவு செய்யலாம்.
- • முழு அரங்கம் முன்பதிவு: 14 நாட்களுக்கு முன்னதாக முன்பதிவு செய்யப்பட வேண்டும். மீளளிக்கப்படக்கூடிய பாதுகாப்பு வைப்புத் தொகை செலுத்தப்பட வேண்டும். முழு நாள் அல்லது அரை நாள் அடிப்படையில் முன்பதிவு செய்யலாம்.
- • உடற்பயிற்சி கூடம் (GYM) உறுப்பினர்: வருடாந்திர அல்லது 6 மாத உறுப்பினர் திட்டங்கள் உள்ளன. பதிவு கட்டணம் ரூ.500 ஆகும்.
- • கட்டணம்: முன்பதிவு செய்யும் போதே முழுக் கட்டணமும் (பாதுகாப்பு வைப்புத் தொகை உட்பட) செலுத்தப்பட வேண்டும். இணைய வழியல்லாத கொடுப்பனவுகளை கண்டி மாநகர சபையின் ஸ்ராஃப் (Shroff) பிரிவில் செலுத்தலாம்.
- • முன்பதிவு ரத்து: முன்பதிவு செய்த திகதிக்கு குறைந்தது 03 நாட்களுக்கு முன்னதாக ரத்து செய்தால் செலுத்திய பணத்தை மீளப் பெறலாம்.
- • பாதுகாப்பு: உட்புற விளையாட்டுகளுக்கு பொருத்தமான காலணிகளை அணிவது கட்டாயமாகும். விளையாட்டின் போது ஏற்படும் காயங்களுக்கு நிர்வாகம் பொறுப்பேற்காது.
- • திறந்திருக்கும் நேரம்: தினமும் காலை 6:00 மணி முதல் இரவு 10:00 மணி வரை திறந்திருக்கும். பௌர்ணமி தினங்களில் மூடப்படும்.
1. முன்பதிவு செய்வதற்கான பொதுவான விதிமுறைகள்
மணிநேர முன்பதிவு: முறைமைக்குள் பிரவேசிக்கும் தினத்திலிருந்து 07 நாட்கள் வரை முன்பதிவு செய்யலாம். முழுக் கட்டணத்தைச் செலுத்திய பின்னரே முன்பதிவு உறுதி செய்யப்படும். ஒதுக்கப்பட்ட நேரத்திற்குள் மைதானத்தை விட்டு வெளியேற வேண்டும். மேலதிகமாக எடுக்கும் ஒவ்வொரு 5 நிமிடத்திற்கும் ரூ.500 அபராதம் வசூலிக்கப்படும். வீரர்களின் எண்ணிக்கையை மீறக்கூடாது (பேட்மிண்டன் - அதிகபட்சம் 10 பேர் / மேசைப்பந்து - அதிகபட்சம் 04 பேர்).
முழு அரங்கம் (முழு நாள்): 14 நாட்களுக்கு முன்னதாக முன்பதிவு செய்ய வேண்டும். கால அளவு 12 மணிநேரம் (காலை 8.00 முதல் இரவு 8.00 வரை). பாதுகாப்பு வைப்புத் தொகை ரூ.30,000 ஆகும். மேலதிக மணிநேரத்திற்கு தலா ரூ.6,000 வசூலிக்கப்படும்.
முழு அரங்கம் (அரை நாள்): 14 நாட்களுக்கு முன்னதாக முன்பதிவு செய்ய வேண்டும். கால அளவு 06 மணிநேரம் (காலை 8.00 - மதியம் 2.00 அல்லது மதியம் 2.00 - இரவு 8.00). வைப்புத் தொகை ரூ.30,000. மேலதிக மணிநேரத்திற்கு தலா ரூ.6,000 வசூலிக்கப்படும்.
2. கட்டணம் மற்றும் ரத்து செய்தல்
முன்பதிவு உறுதி செய்யப்பட முழுக் கட்டணம் செலுத்துவது அவசியமாகும். 72 மணிநேரத்திற்கு (03 நாட்கள்) முன்னதாக ரத்து செய்தால் மட்டுமே பணம் மீள வழங்கப்படும். அதன் பின்னர் ரத்து செய்தால் பணம் வழங்கப்பட மாட்டாது. நேரடிப் பணம் செலுத்துபவர்கள் முதலில் விளையாட்டு மைதான அலுவலகத்தில் பற்றுச்சீட்டுப் பெற்று, பின்னர் கண்டி மாநகர சபை ஸ்ராஃப்(Shroff) பிரிவில் செலுத்த வேண்டும்.
3. உடற்பயிற்சி கூட உறுப்பினர்
பதிவு: முதன்முறை பயன்படுத்துபவர்களுக்கு ரூ.500 உறுப்பினர் கட்டணமாக ஒருமுறை மட்டும் வசூலிக்கப்படும்.
- மாதாந்திர உறுப்பினர் (Treadmill வசதியுடன்) = ரூ.3,000
- மாதாந்திர உறுப்பினர் (Treadmill இன்றி) = ரூ.2,500
- வருடாந்திர உறுப்பினர் = ரூ.32,000.00
- 6 மாத உறுப்பினர் = ரூ.17,000.00
- தினசரி முன்பதிவு (3 மணிநேரம் Treadmill உடன்) = ரூ.500
4. பொதுவான விதிகளும் ஒழுங்குமுறைகளும்
- விளையாட்டு உடைகள் மற்றும் அடையாளமிடாத (Non-marking) காலணிகள் கட்டாயம்.
- அரங்கினுள் உணவு உண்பது தடைசெய்யப்பட்டுள்ளது.
- உபகரணங்களைப் பயன்படுத்திய பிறகு துடைத்து மீண்டும் ஒப்படைக்க வேண்டும்.
- மது அருந்துதல் மற்றும் புகைபிடித்தல் முற்றிலும் தடை செய்யப்பட்டுள்ளது.
- ஊழியர்களின் அறிவுறுத்தல்களைப் பின்பற்ற வேண்டும்.
- ஏற்படும் சேதங்களுக்கு நஷ்டஈடு வசூலிக்கப்படும்.
- எந்தவொரு முன்பதிவையும் முன்னறிவிப்பின்றி ரத்து செய்யும் அதிகாரம் மாநகர ஆணையாளருக்கு உண்டு.
5. சுகாதாரம் மற்றும் பாதுகாப்பு
பயன்படுத்துபவர்களின் உடல் நலத்திற்கு அவர்களே பொறுப்பு. விபத்துகள் அல்லது காயங்களுக்கு நிர்வாகம் பொறுப்பேற்காது. ஏதேனும் உடல்நலப் பிரச்சினைகள் உள்ளவர்கள் மருத்துவ ஆலோசனையைப் பெற்ற பின்னரே மைதானத்தைப் பயன்படுத்த வேண்டும்.
6. பொறுப்பு
நிர்வாகத்தின் பொறுப்பு வசூலிக்கப்பட்ட கட்டணத்திற்கு மட்டுமே மட்டுப்படுத்தப்படும். தனிப்பட்ட உடமைகளின் இழப்பு அல்லது திருட்டிற்கு நிர்வாகம் பொறுப்பல்ல.
ஹர்ஷிகா வீரரத்ன – உதவி மாநகர ஆணையாளர் – 077-2613047 |
S.P.G. விதானகே – தலைமை விளையாட்டு மைதான பயிற்றுவிப்பாளர் – 077-7075767
departmentplaygrounds@gmail.com | 081 2202772