නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
Sinhala
Tamil
English
සිංහල
தமிழ்
English
Toggle navigation
මුල් පිටුව
අප ගැන
කාර්ය මණ්ඩලය
ගැලරිය
සේවාවන්
අප අමතන්න
පරිසර ආරක්ෂණ බලපත්‍ර සේවා
2022.01.27 දිනැති අංක 2264/18 දරණ ගැසට් නිවේදනයේ 'ඈ' කොටස යටතේ පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කළ හැකි කර්මාන්ත
සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත.
සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින බතික් කර්මාන්ත.
සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන(ලොන්ඩ්‍රි).
රෙදි වියන යන්ත්‍ර මැෂින් 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බ්‍රොයිඩර් කිරීමේ කර්මාන්ත.
දිනකට ලීටර් 200ට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල්තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
පොල්තෙල් සහ ආයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
දිනකට ලීටර් 100 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මධ්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ හෝ බෝතල් ගත කිරීමේ කර්මාන්ත.
දිනකට කිලෝග්‍රෑම් 500ක් හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වී මෝල්.
මසකට කිලෝග්‍රෑම් 1000 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්.
සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 25ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියළීමේ කර්මාන්ත හෝ දුම්වැටි හෝ දුම්කොළ ආශ්රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත.
එක් තොගයකට කිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම සහිත කුරුඳු දුම් ගැසීමේ කර්මාන්ත.
සේවක සංඛ්‍යාව 5කට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත.
සේවක සංඛ්‍යාව 5 ට වඩා වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජමය තේ මිශ්‍ර කිරීමේ/මුහුවම් කිරීමේ කර්මාන්ත.
සේවක සංඛ්‍යාව 5ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදන කිරීමේ හෝ සකස් කිරීමේ කර්මාන්ත.
දිනකට ලීටර් 200ට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල්තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
ඕනෑම අවස්ථාවක වැඩුණු පක්ෂීන් 100ක් හෝ ඊට වැඩි සහ 500 කට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂි ගොවිපලවල්.
ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 ක් හෝ ඊට වැඩි සහ 10කට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපලවල්.
ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් සිටින එළු ගොවිපලවල්.
වැඩුණු සතුන් මුළු එකතුව 100 ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්.
ගබඩා ධාරිතාවය ඝන මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවළු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන.
කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත.
යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත.
දිනකට නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20 ට අඩු ප්‍රමාණයක් සහිත හුණු පෝරණු
සේවක සංඛ්‍යාව 5කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින 'ප්ලාස්ටර් ඔෆ් පැරිස්' අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නා ඕනෑම කර්මාන්තයක්.
උළු සහ ගඩොල් පෝරණු.
වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිතව වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත.
කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත.
පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණීම් කටයුතු.
දිනකට ඝන මීටර් 25 ට අඩු ඉරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්රිත කර්මාන්ත.
දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත.
බහුකාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත.
සේවක සංඛ්‍යාව 5 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හෝටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා.
පදිංචි සංඛ්‍යාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්.
විසිරි පින්තාරු කිරීම් හෝ වාහන වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම්, නඩත්තු කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදුකරන ගරාජ.
වාහන සේවා සිදු නොකරන බහාලුම්(කන්ටේනර්) පර්යන්ත.
ඊයම් උණු කිරීම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර.
මෘත ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා.
මෙම උපලේඛනයේ 'ඈ' කොටසේ ඇතුලත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක්/කර්මාන්තයක.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය සඳහා ඉල්ලුම් පත්‍රය
අංක 1534/18 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ II වන උපලේඛනයේ සඳහන් සහ 2008.02.01 දිනැති අංක 2264/17 සහ 27.20201 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සංශෝධිත පරිදි 2008.02.01 දිනැති ‘අ’ ආකෘති පත්‍රය අනුව පළාත් පාලන ආයතන විසින් අයදුම්පත් මුද්‍රණය කළ යුතුය. ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇත.
නැතිනම් පහත ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් අයදුම්පත්‍රය බාගත කරගත හැක.
DOWNLOAD
අයදුම් පත්‍රය සමඟ සැපයිය යුතු ලියකියවිලි
ඉඩමේ අයිතිය
ඉඩම රජයට හෝ වෙනත් ආයතනයකට අයත් නම් කර්මාන්ත භාවිතය සඳහා ඉඩම් නිදහස් කිරීම පිළිබඳ ලේඛන.
ඉඩම වෙනත් අයෙකුගේ නම්, කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ඔහු විසින් පැවරීම සිදුකරන ලද ලේඛන.
අයදුම්කරු සතු ඉඩමක් නම් ඒ බව තහවුරු කරන ලද ලේඛන.
ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී තිබේනම් ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය, ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී නොමැති නම් කර්මාන්තය තමන් විසින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යන බවට සහතික කරන ලද ලේඛනයක් එනම් දිවුරුම් ප්‍රකාශන/ ග්‍රාමසේවක විසින් දෙන ලද සහතික ආදිය.
අදාළ පළාත් පාලන ආයතනය වෙතින් ලබාගත් වෙළඳ බලපත්‍රය.
අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපතක්.
මීට අමතරව පළාත් පාලන ආයතනය විසින් අවශ්‍ය යැයි සලකන යම් අමතර ලේඛනයක්.
තවත් විමසීම් :
නදීකා රූපසිංහ මිය
සංවර්ධන නිලධාරි
නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
0812223573
ඉක්මන් සබඳතා
දළ විශ්ලේෂණය
ඉතිහාසය
අප අමතන්න
ඡායාරූප එකතුව
පුරප්පාඩු
සබැඳි වෙබ් අඩවි
මධ්‍යම පළාත් සභාව
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මහනුවර
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව
අප හා එක්වන්න
Call 1919
අප අමතන්න
මහනුවර මහා නගර සභාව
මහනුවර, ශ්‍රී ලංකාව
+94 081 2222 275
+94 081 2225 638
kandymcsec@gmail.com