මහනුවර මහා නගර සභාව


කොමසාරිස්තුමියගේ පණිවිඩය

ඓතිහාසික සෙංකඩගලපුර, මහනුවර නගරය ශ්‍රී ලංකාවේ දෙවන අගනුවර සහ කන්ද උඩරට රාජධානියේ අගනුවර ලෙස ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ලෝක ගෞරවනීය නගරයකි.

මෙවන් ලෝක ගෞරවනීය නගරයක පිහිටා ඇති මහනුවර මහනගර සභාව මහනගර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට උපතට පෙර මාතෘ සායන සේවාවේ සිට මරණින් පසු සුසානාගාර සේවා දක්වා සියලුම සේවාවන් සපයයි. සේවාවන් අතරින් ප්‍රධාන සේවාවන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ජල සම්පාදනය වේ. මාර්ග නඩත්තු කිරීම, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, ක්‍රීඩා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම්, ගිනි සේවා සහ සුබසාධන සේවා.

මේ අනුව, මහනුවර මහනගර සභාව විසින් නගර සීමාව තුළ ජීවත්වන ජනතාවට නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් කාර්යක්ෂමව සහ කඩිනම් සේවාවන් සැපයීමේ අරමුණින් මහනුවර මහ නගර සභා වෙබ් අඩවිය දියත් කරන ලදී. එමගින් නගර සභාවේ එක් එක් දෙපාර්තමේන්තු හා කොට්ඨාස මගින් සපයනු ලබන සේවාවන් පිළිබඳව දැනුමක් ලබා ගැනීමටත් ඒ අනුව සේවාලාභීන් තම අවශ්‍යතා සපුරාලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳවත් දැන ගැනීමට හැකි වනු ඇත.

ඒ අනුව මහනුවර මහනගර සභාවේ දැක්ම තේමා කර ගනිමින් සේවාලාභීන්ට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවන් සැපයීමට මෙම වෙබ් අඩවිය සහාය වනු ඇතැයි මම අදහස් කරමි.

ඉන්දිකා අබේසිංහ මිය
කොමසාරිස් - මහනුවර මහා නගර සභාව